Saturday 26 November 2016

අමාවකගේ බදු ගීතය.................


ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 බාගෙට කාලා දිවි මග වැනවෙන //
ජීවිත නට්ටම් වේ
 රොකට් එකක් යන සේ //
බඩු මිල   තව වැඩි වේ.
දඩ කොල, ජල බිල  වැඩි වෙන වේගේ//
 ජීවිත සමතල වේ
මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 වැඩිවන වියදම   මැඩලනු බැරි වී  //
බදු බර තව වැඩි වේ.
බත් පත වැලි  මුසුවේ
 යහ පාලන වගුරේ මන්ත්‍රිට සැප වැඩි වේ. //
බෙන්ස් කාර් හිනැහේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ




.

Wednesday 27 April 2016

එන්න ජපානේ යන්න - සද වියමන්




මා මෙහි යහතින් සිටින බව දන්වා සෑම මාස හයකට වරක්ම මගේ මහාචාර්යවරයා විසින් ලංකාවේ මගේ ආයතනප්රධානියාට ලියුමක් යැවිය යුතුය (ආයතන රෙගුලාසියක් ). අදාල කාල වකවානුව  විට මා කරන්නේ  ගැනසෙන්සේට දැනුම් දීමයඑවිට ඔහු කරන්නේමගේ ප්රගතිසමාලෝචනයක් ලියා එය මුද්රණය කර සිය අත්සන යොදාමට ගෙනත් දීමයමා කරන්නේ එය තැපෑලට දැමීම පමණිසාමාන්යයෙන් මගේ සිහි කැදවීමෙන් පැයක් හමාරක්ඇතුලත මට ඔය ලිපිය තැපෑලට දැමිය හැකි වුවත් එක් වරක් ඔහුට එය අමතක වියඔහුට එය යලි මතක් වුයේ අපේකාමරය හරහා කොහෙටදෝ යන අතරදී  මා දැකීමෙනි

එවෙලෙහි ඔහු සිය අතපසුවීම ගැන කණගාටුව පළකලේ මාපුදුමයට පත් කරමිනිඅපි වදින විට අත්දෙක එකතු කරන ලෙසට අත් දෙක එකතු කල ඔහු කිහිප වරක් "ගොමෙන්නෙ....ගොමෙන් නෙකීවේය. ගොමෙන්නසායියන්නෙහි අර්ථය සමාවෙන්න යන්නයිජපනුන්ද අප මෙන්ම කියනදේ තහවුරු කරගන්නට උවමනා විට "නෙයන්න යොදාගනීමගේ සෙන්සේ මේ "ගොමෙන් නෙකීමෙන් අදහස්කලේ "සමාවෙන්න පුළුවන්නෙසමාව දෙනවනෙ  වැන්නකි.


http://sandamalisakunthala.blogspot.com/2016/04/1_23.html
http://sandamalisakunthala.blogspot.com/2016/04/2.html
http://sandamalisakunthala.blogspot.com/2016/04/3.html

ජපානයේ සුන්දරත්වය සහ ජපනුන්ගේ සුන්දර පැවැත්ම ගැන බ්ලොග් සටහන් දිග හැරෙන සද වියමන් බ්ලොගයට ගොඩ වී බලන්න..


කුරුට්ටෝ..

.

Wednesday 20 April 2016

හයිකු අයින් කරමුද.........????????



ඇත්තට ම හයිකු කියන්නේ මොනවද
පද පේළි තුනකටද
පළවෙනි පේළියට අකුරු / මාත්‍රා 5ක්
දෙවැනි පේළියට 7 ක් 
ආයෙම 5ක් ලිව්වා ම හරිද...................

මොනව ද හයිකු වල තියෙන කිරු
මොනව ද මේකෙදි කපන්නේ
මොනව ද මේ සමීප දේවල් දෙක
මොනව ද මේ ඡේදනය වීම් කියන්නේ......

ඍතු කියන්නේ ස්වාභාවයනේ
ඍතු ගැන ඇයි කවි ලියන්නේ
ඍතු විතරනං මදෑ ඇයි මේ සත්තු
ඍතු ගැන කියන්න ඇයි ගස් ජාති.............


හයිකු ගැන ලියූ සටහනක් හරහා හැදුන හයිකු සංවාදයක් කුගෑගීප තියෙනවා. හයිකු ගැන කතා කරන්න ඒ පැත්තට එන්න. අපි දකින විදිහට මේ වෙලාවේ මේ සංවාදය මෙච්චර වැදගත් වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. හයිකු නෙලුම්යායෙන් අයින් කරන්න යන සංවාදයකුත් තියෙන නිසා මේක කළ යුතු සංවාදයක් කියලා අපි හිතනවා. අයින් කරනවානං අයින් කරමු... හැබැයි ඒක හරවත් විදිහට කතා කරලා සාධාරණ එකගතාවයක් උඩ කරමු............... 

මෙන්න සංවාද ලින්කුව - http://kurutugegeepawra.blogspot.com/2016/04/blog-post_19.html



කුගෑගීප

Tuesday 5 April 2016

මොකක්ද මේ පැනමා පේපර්ස් කියන්නේ.....

මොකක්ද මේ පැනමා පේපර්ස්......


පැනමා පේපර්ස් කියන්නේ  පැනමාවේ පිහිටි ජාත්‍යන්තර නීතී උපදේශක සමාගමක රහස්‍ය ලිපි ප්‍රමාණයක්  හෙලි වීමේ ජාත්‍යන්තරය කැලඹූ සිද්ධියකට.....

සමාගමේ නම - මොසැක් ෆොන්සේකා...පැනමාවේ සමාගමක්....


ඉතින් ඒක එච්චර ලොකු සීන් එකක්ද?


ඔව්....අපි මේ කථා කරන්නේ ඩොල්ර් බිලියන් ගානක් සීන් එකක්......මේ සමාගම විවිද රටවල පුද්ගලයන් උපයා ගත් විශාල කලු සල්ලි , ඒ කියන්නේ නිතී විරොධීව උපයාගත් මුදල්, සුදු කිරීම සදහා නිතීමය පහසුකම් ලබා දුන් ආයතයනයක් කියලයි චෝදනාව....

ඒත් මේ ආයතනය නම් මේ චෝදනා ප්‍රතික්ශේප කරනවා...


කොහොමද ඒක කරන්නේ......


එක කරන්නේ ඉතා ලිහිල් අදායම් බදු ප්‍රතිපත්තියක් හා නීතී ඇති රටවල එම කලු සල්ලි ආයෝජනය කිරීමෙන්.....

මේ සමාගම නීතී විරෝධීද?


වෙනත් රටවල ආයෝජනය කිරීම කියන්නේ  නිතී විරෝධී වැඩක් නෙමේ...හැබැයි මේ ක්‍රමයේ තියෙන අඩු ලුහුඩුකම් පාවිච්චි කරලා විශාල කලු සල්ලි ප්‍රමානයක් සුදු වෙනවා....මේක ඩොලර් ට්‍රිලියන් 1-3 අතරෙ ගානක පට්ට ලොකු ගාණක්....

ලෝකය පුරා විහිදිලා ඉන්න මත් ද්‍රව්‍ය ජාවරම් කාරයින්...හොර අවි බිස්නස් කාරයන්, කොමිස් ගහපු දේශපාලුවන් තමන්ගේ  අයථා මුදල්  සුදු කරන්න ගන්න හදා ගත් යාන්ත්‍රනය මේකයි....

මොනාද ඒ ලිහිල් බදු නීතී තියෙන රටවල්....


බ්‍රිටිශ් වර්ජිනියා දූපත්,බහමාස් දූපත්, පැනමාව,සීශෙල්ස්,සැමෝවා වගේ රටවල්..


කවුද මේක ලීක් කලේ.....

මේක ඉස්සෙල්ලම එලියට දැම්මේ ජර්මනියේ පත්තරයක්...පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung (SZ) ලේසියට sZ කියලා කියමු...

නමුත් මේක ජාත්‍යන්තරව ප්‍රසිද්ධකිරීම සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ අන්තර්ජාතීක ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමයInternational Consortium of Investigative Journalists (ICIJ).... ඒක පිලිගත් හා ප්‍රසිද්ධ සංගමයක්....

කවුද මේකට අහුවෙලා ඉන්න ‍තෝරූ මෝරූ.......


රුසියාවේ ජනාධිපති වැල්ද්මියර් පූටීන් හා එයාගේ බොක්කක් වන ස්ර්ජි රෝලඩගින්... ඇමෙරිකානූ ඩොලර් බිලියන් 2 ක් විතර කියලා කියන්නේ.

එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමර්න්ගේ තාත්තා....

අයිස්ලන්තයේ අගමැති සිග්මන්ඩ් ඩේවියෝ...ලොක්කා නම් දැනටම ඉල්ලා අස් වෙලා ලූ....

පකිස්ථානයේ අගමැති නවාර් ශෙරිෆ්.....

චීනයේ උත්තරීතර පාලක මණ්ඩලයේ සමාජිකයන් අට දෙනෙක්....

 හිටපු ඊජිප්තු ජනාධිපති මුබාරක් ගේ පුතා...

අල්ලපු රටේ අමිතාබ් බච්චන් සහ අයිශ්වර්‍යා රායී

ලංකාවත් ගැවීලද?


ඔව්...ලංකාවෙත් පුද්ගලයන් 3ක්, සමාගම් 3ක් හා ඒවායේ කොටස් හිමියන් 22 ක් ගැන සදහන් වෙනවා...තාම ඒ කවුද කොහොමද කියලා සම්පූර්ණයෙන් හෙලි වෙලා නෑ....

මෙතැන තියෙන දත්ත ප්‍රමානය ගොඩක් විශාලයි.....2.5 ටෙට්‍රා බයිට්ස්.....මේක තමයි මේ වෙනකන් වෙච්චි විශාලම දත්ත හෙලිදර්ව්ව...ස්නෝඩන්ගේ ඒවාටත් වඩා විශාලයි...ජර්නලිස්ට් ලා 100 වැඩි ගානක් වැඩේ ගොඩ දා ගෙන යනවා..... එතකන් නම් ටික එන්න වෙලා යනවා..

පල්ලෙහන් තියෙන්නේ සීන් එකට ගැවිව්චි රටවල්.....



අපිත් ඉන්නවා....ආඩම්බරයි නේ........

soucrce :http://www.irishtimes.com/business/panama-papers


උපුටා ගැනීම නොහොත් ලිපියේ අයිතිකාරයා -  http://maiyyagelokaya.blogspot.com/2016/04/blog-post_6.html


.

Monday 28 March 2016

පොල්කට්ටෙන් එපිටට එන්න




පොතේ දොරට වැඩුම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ රාජගිරියේ තිබෙන "ත්‍රිකෝණය " ශාලාවේ මේ මස 29 අඟහරුවාදා සවස 4.00 ට පවත්වන්න කටයුතු යොදා තිබෙන්නේ.පොත එලි දක්වන්නට උදව් වුන සියලූම හිත මිතුරන්ට ස්තුති කරන අතරේ ඒ සඳහා සහභාගිවෙන්න කියල සැමට ආරධනය කරනවා.


නෙලුම් යාය උත්සවයෙන් පසුව එළඹෙන අඟහරුවාදා සවස 4.00 ට "ත්‍රිකෝණයේදී " හමු වෙමු. - කොළඹ ගමයා



ලිපිනය : ධර්මසිරි බණ්ඩාරනායක ත්‍රිකෝණ සංස්කෘතික මධ්‍යස්ථානය නො 1003/4
පාර්ක් විදිය රාජගිරිය



Address of the Trikone center is as follows.
Dharmasiri Bandaranayake
Trikone Cultural Center
No 1003/04

Sunday 20 March 2016

2015 බ්ලොග් සම්මාන සඳහා අවසන් නිර්දේශ හා නිර්දේශිත බ්ලොග්කරුවන් සඳහා වන නිළ ආරාධනය

2015 බ්ලොග් සම්මාන සඳහා අවසන් වශයෙන් නිර්දේශිත බ්ලොග් අඩවි හා බ්ලොග් ලිපි 

මෙහි සඳහන් බ්ලොග් අඩවි හෝ බ්ලොග් රචනා සම්මාන ලබන හෝ වෙනත් කිසියම් අනුපිළිවෙලකට සකසා නොමැති බව කරුණාවෙන් සලකන්න. 
කෙටි නවකතා- ස්ථාන 3කි.

කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් කොටස් 1 -18 දක්වා (නුවර කුමාරි බ්ලොග් අඩවිය)
මංගල සීනු කොටස් 1-3 දක්වා (නිහඬ සිත්තරාවි බ්ලොග් අඩවිය)
එකෝමත් එක කාලෙක (සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත බ්ලොග් අඩවිය)
නමක් නැති කතාවක් කොටස් 1 - 10 (අම්බලන්ගොඩ කථා බ්ලොග් අඩවිය)
කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද කොටස් 1-12 (කැලේට පිපුන මල් බ්ලොග් අඩවිය)

ප්‍රහසන- ස්ථාන 3කි.

වඳුරා - (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)
සෝභමාන ගුවන් ඇටෙන්ඩොං - (දුමි ගේ කට කහන කතා බ්ලොග් අඩවිය)
ලියුං කියුං කටිං කෙරුං- තනි තරුව
පරණ විහිලු පොත // same old joke - (පින්ච් පොයින්ට් බ්ලොග් අඩවිය)
සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල- (නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය- රවී වීරසිංහ මහතා)

අතීත කාමය- ස්ථාන 3කි.

සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය - (සොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් අඩවිය)
මෙතෙක් කතාව සහ අද එතැන් සිට - (මගේ ඩෙනිම-හෙන්රි බ්ලොග් වෝකර් බ්ලොග් අඩවිය)
දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි- (අවන්හල- මහේෂ් රත්නායක මහතාගේ බ්ලොග් අඩවිය)
අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- (මගේ කතාව- ඉන්ද්‍රනාත තේනුවර මහතාගේ බ්ලොග් අඩවිය)
භිෂණය මැදින් ටෙලිනාට්‍ය සමඟ ජීවිතය කොටස් 1 සිට 7 දක්වා- (හැලපකඩේ බ්ලොග් අඩවිය)


සංගීතය- ස්ථාන 3කි.


කොළඹදී කම්පලක් නැතුව සෙනගක් මරාදාලා- (හද ගී පොත- තිස්ස දොඩන්ගොඩ මහතා)
දෘෂ්ටි රසය- (ඉවාන් පවුලුෂා- ප්‍රගීත් සමරනායක මහතා) 
ABBA පස්වන කොටස - ජනප්‍රියත්වයේ මුල් පියවර- (දම්පාට දේදුන්න- ජිවන ප්‍රනාන්දු මහතා)
ලෝකය නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව - (සින්දු ඇනෝ බ්ලොග් අඩවිය)
මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? - (මනාගේ පින්තාරුව- මනෝජ් ප්‍රනාන්දු මහතා)

සංචාරක- ස්ථාන 3කි.

අතීත මුතුන් මිත්තන් විසූ පුරාණ ලෙන - බෙලිලෙන - (දසත සැරිසර- ශානිකා පවනි හේවගේ මහත්මිය)
ප්‍රාග් ඓතිහාසික ගුහා සංචාරය - The Dark Cave - (බිත්තිය -පැතුම් හේරත් මහතා)
වෙසක්  සඳ සමග තිරුකේතීෂ්වරම් - (ලෝකයේ කොනක- සින්දුපා සෙනෙවිරත්න මෙවිය)
විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස - (ඔමා ගේ හීන- අපුර්වී බ්ලොග් අඩවිය)
වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්- (මතකයේ රන්දුනු තැන්- කැලුම් ජයසුරිය මහතා)

ඉතිහාසය- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 4ක් පමණි)

මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure, 1, 2, 3,  - ඩ්රැකී ගේ අඩවිය
පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල - දසත සැරිසර (ශානිකා පවනි හේවගේ)
විජයබා කොල්ලය - රාජාවලිය XXXVII -පහන් යාය
දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6 - (දෙයියන්ගේ රටේ- MPP ගුණසිංහ මහතා)

පරිවර්තන- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 3ක් පමණි)


The story of my marriage - (නිදහස් සිතුවිලි- රවී වීරසිංහ මහතා)

ඌරන් බලාගත් රාජ කුමාරයා -(පරිවර්තන- නිලූක කදුරුගමුව මහතා)
බොරු නේද ඔය කියන්නේ? -(මට හිතෙන හැටි- හෙන්රි ද බ්ලොග්වෝකර්)

ගෘහස්ත කාරණා- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 3ක් පමණි)


දියවැඩියාව පරදවන්නට නම් - (ප්‍රභාෂ්වර බ්ලොග් අඩවිය)

වෙඩිං කතා - (හිරු නැති හෝරාව- කෞශි ආරියබන්දු මහත්මිය)
එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි - (ඇවිද්ද පය- සු.දී.ක මහතා)

ඡායාරුප- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 4ක් පමණි)  

පොටෝකාරයා වටින්නෙම නැද්ද..?-(කැමරාවෙන් එහා ලෝකය- යෂ්‍යන්ත ශ්‍රීනාත් මහතා)
The Earth is Art, The Photographer is only a Witness part 2. (ඔමාගේ හීන-අපුර්වී බ්ලොග් අඩවිය)
උතුරේ සංචාරයක් - (විචාරක- අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය)
ඡායාරූප පිස්සුවෙ හොඳ එක. ටයිල් රටා. - (මගේ ඩෙනිම ඩුඩ්- හෙන්රි ජයවර්ධන මහතා) 

18 ප්ලස්- ස්ථාන 3කි. 

අනේ දෙයියනේ......!!!- (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)
නෝනාගේ වයස - (රාජ් ගේ නවාතැන බ්ලොග් අඩවිය)
ලඹේ හොඳයිද මිස්?- (ගස් ලබ්බ බ්ලොග් අඩවිය)
සුවපත් කිරීම- (මධු මාධවී බ්ලොග් අඩවිය)
රත්තරන් ජංගිය - (බ්ලොග් සඟරාව- හෙනහුරා බ්ලොග් අඩවිය)

කාලින සංවාද- ස්ථාන 3කි.

ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- (ඉකොනොමැට්ටා බ්ලොග් අඩවිය)
විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල Passing the 20 ​​- (පින්ච් පොයින්ට් බ්ලොග් අඩවිය
සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය- (අමාවක බ්ලොග් අඩවිය) 
Crouch, Touch, Set............! රග්බි ලෝක කුසලාන පුර්වකථන- (රාජ්ගේ නවාතැන බ්ලොග් අඩවිය)
අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි) - (විභීෂණ බ්ලොග් අඩවිය)

දේශපාලන- ස්ථාන 3කි.

සිංහල 'ලිබරල්වාදය' සහ සිංහල 'සමාජවාදය'- (රාමචන්ද්‍ර ගේ අඩවිය බ්ලොග් අඩවිය)
අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....- (කටුසු හදවත බ්ලොග් අඩවිය)
නිතිය ඉදිරියේ හැමෝම සමානය; සමහරු වැඩිපුර සමානය- (w3lanka- අජිත් පැරකුම් ජයසිංහ මහතා)
අයවැය 2016- (රාජ් ගේ නවාතැන බ්ලොග් අඩවිය)
රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම් - (සජ්ජාගේ පඩන්ගුව බ්ලොග් අඩවිය) 

කෙටිකතා- ස්ථාන 3කි.

සුන්දරී - (සඳ වියමන් බ්ලොග් අඩවිය)
ඇයද මවකි - (දිනේෂ් උමගිලිය-වර්ණ බ්ලොග් අඩවිය) 
අහන් ඉන්න අහගෙන ඉන්න - (හංසි swan බ්ලොග් අඩවිය)
ගං වතුර...- (විදානේ ගේ **දානේ... බ්ලොග් අඩවිය)
සමාජ සේවය පිණිසයි - (නුවන් හේමචන්ද්‍ර- වැව් ඉස්මත්ත බ්ලොග් අඩවිය)

විද්‍යා හා තාක්ෂණ- ස්ථාන 3කි.

විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ- (ටෙක් සයුර බ්ලොග් අඩවිය)
තාරකා පරිණාමනය - (මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය)
අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ - (සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවිය) 
සොෆ්ට් සරණිය - පොතේ විදියට සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි - (බිත්තිය ගේ බ්ලොග් අඩවිය)
වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ? Is Your Health at Risk From Wi-Fi ? - (ඇවිද්ද පය බ්ලොග් අඩවිය)

කවි/ නිසඳැස්- ස්ථාන 3කි.

අනේ තොපිලෑ සිංහ ලේ -(දමිත් කේතක- නොදන්නා මඟුල් බ්ලොග් අඩවිය)
සඳ ආයිත් නොනැගෙන බැව්.. (මහේෂ් රත්නායක- අවන්හල බ්ලොග් අඩවිය)
රහසක් හෙම කීවාද හිරු රැස් - (තරංගනී රෙශිකා- තරුරසී බ්ලොග් අඩවිය)
යෙහෙළියක නම් සිටිය යුතුම ය - (සහන් පද්මසංඛ- The Sahan Blog)
මාධවී කියන්නේ මම විතරමද?- (යශෝධා සම්මානි- බස්සීගේ නවාතැන බ්ලොග් අඩවිය)

හයිකු/කෙටි කවි- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 4ක් පමණි)

සොඳුරු සැඳෑවක -(මනොෂ් සඳරුවන්- සඳුමල් බ්ලොග් අඩවිය)
සිතුවම - (තනි තරුව බ්ලොග් අඩවිය)
පිළිස්සුනු රාත්‍රියේ අඩයම - (කාංචනා අමිලානි- හිතනලන්තය බ්ලොග් අඩවිය)
මග බලමි - (නුවර කුමාරි බ්ලොග් අඩවිය)

විද්‍යා ප්‍රබන්ධ- නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 2ක් පමණි.  


දමනය - බස්සිගේ නවාතැන ඉවාන් පව්ලුශා පුංචි කැකුළු මල් මන්දාකිණියෙන් ඔබ්බට සමූහ රචනයකි.

Patient X [ X රෝගියා - විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස] - (විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවිය)

වසරේ බ්ලොග්කරු/ කාරිය- ස්ථාන 3කි. නිර්දේශිත අනෙක් බ්ලොග් වෙනුවෙන් කුසලතා සහතික පිරිනමනු ලැබේ.

යාං හෑල්ල - රංජිත් සුරංග මහතා
බස්සිගේ නවාතැන- යශෝධා සම්මානි ප්‍රේමරත්න මහත්මිය
කුරුටු ගෑ ගී පවුර- තුෂාර විතාරණ මහතා
විචාරක- අසමි දකිමි සොයමි
නිදහස් සිතුවිලි- රවී වීරසිංහ මහතා.

******************************************************
වැදගත්:

නම් නිර්දේශ වූ සියලුම දෙනාට ඉහත ආරාධනා පත්‍රය හා මෙම පෝස්ට් එකේ ලින්ක් එක හැකි කිසියම් අයුරකින් (ඊමේල්/ ෆේස්බුක්/ බ්ලොග් හරහා ආදී වශයෙන්) ලැබීමට සලස්වනු ලැබේ. මෙම ලිපිය කියවන ඔබ දන්නා නිර්දේශිත බ්ලොග් අඩවි වෙත දැනුම්දීමෙන් හා බ්ලොග් සින්ඩිකේටර වල පළකිරීමෙන් සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

කරුණාකර ඔබ යම් සම්මානයක් කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නේ නම් හැකි ඉක්මනින් ඒ පණිවුඩය සංවිධායක මණ්ඩලය වෙත ලැබීමට සලස්වන්න. ඒ සඳහා sumithyapa@gmail.com ඊමේල් ලිපිනය හා/හෝ 0778755293/ 0716528541 යන දුරකථන අංක භාවිතා කල හැක.

නම් නිර්දේශිත සියලු දෙනා 2016 මාර්තු 26 වන දින පස්වරු 2.30 වනවිට සම්මාන උළෙල පැවැත්වෙන ස්ථානයේ වෙන්කල ආසන මත අසුන් ගැනීමට කාරුණික වන්න. යම් හෙයකින් ඔබට සහභාගී වීමට නොහැකිනම් ඒ වෙනුවෙන් ඔබේ ලඟම ඥාතියෙකු/ හිතවතෙකු (ඔබ සම්මානයට පාත්‍රය වීම අගයන කෙනෙකු) ඔබ වෙනුවෙන් සහභාගී කරවීමට කටයුතු කරන්න. ඒ සමඟම ඔබ වෙනුවෙන් සහභාගී වන පුද්ගලයාගේ නම හා ඔබට ඇති සම්භන්ධතාවය ඉහත ලිපිනයට හෝ දුරකථන අංකයට මාර්තු 25 දිනට ප්‍රථම ලබා දීමට කටයුතු කරන්න. එසේ දැනුම් නොදෙන සැවොම එදිනට සහභාගී වනු ඇතැයි සංවිධයක මණ්ඩලය අපේක්ෂා කරනු ලබයි. කරුණාකර කිසිදු දැනුම්දීමකින් තොරව නොපැමිණ සිටීමෙන් වළකින්න.
**********************************************
2015 වසරේ බ්ලොග් සම්මාන උළෙල සඳහා නම් නිර්දේශ නොවූ නමුත් ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ උන්නතිය පතන සියලුම බ්ලොග් රචකයින්, බ්ලොග් කියවන්නන්, කොමෙන්ට්කරුවන් ඇතුළු සියලු බ්ලොග් හිතකාමී සහෘදයින්ට එදින මෙම උත්කර්ෂවත් අවස්ථාවේ සාක්ෂිකරුවන් වීම සඳහා අප සමඟ එක්වන ලෙස 2015- නෙලුම්යාය බ්ලොග් සම්මාන සංවිධායක කමිටුව වෙනුවෙන් විවෘත සුහද ආරාධනයක් කරමි.


මෙම සටහන උපුටා ගැනීම - 

.

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........