Thursday 23 March 2017

කව්ද ඇත්ත කියන්නේ - ස්වාධීන රූපවාහිනී වැඩ සටහන නරඹමු

මේ ගැන ඔබට අදහස් ඇති.
ඔබට යෝජනා ඇති.
විවේචන ඇති.
කෙසේ වුවද
මෙය අද දවසේ
සිංහල බ්ලොග්කරුවාවේ
තත්වය වන නිසා
ඔබට මේ ගැන දැනගැනීමට සැලැස්වීම 
වැදගත්.......


2017 මාර්තු 21 බදාදා ස්වාධීන රූපවාහිනී සේවාවේ සජීවිව 
පැවැත්වුණු සිංහල බ්ලොග්කරනය පිළිබඳ වැඩසටහනේ 
පිටපතක් මේ වන විට ඒ නාලිකාවේ වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.

http://tv.itn.lk/2017/03/21/kawuda-eththa-kiyanne-2017-03-21/ 


උපුටා ගැනීම - රසිකලොජිස්ට් ගෙනි.
http://rasikalogy.blogspot.com/2017/03/itn-television-
program-on-sinhala.html


.

Saturday 26 November 2016

අමාවකගේ බදු ගීතය.................


ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 බාගෙට කාලා දිවි මග වැනවෙන //
ජීවිත නට්ටම් වේ
 රොකට් එකක් යන සේ //
බඩු මිල   තව වැඩි වේ.
දඩ කොල, ජල බිල  වැඩි වෙන වේගේ//
 ජීවිත සමතල වේ
මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 වැඩිවන වියදම   මැඩලනු බැරි වී  //
බදු බර තව වැඩි වේ.
බත් පත වැලි  මුසුවේ
 යහ පාලන වගුරේ මන්ත්‍රිට සැප වැඩි වේ. //
බෙන්ස් කාර් හිනැහේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ




.

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........